රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW:
2011 වසරේදී යාපනයේදී දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් වීම සම්බන්ධ නඩුවට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොවැම්බර් 27 වන දින පස්වරු 1.30 ට වේලාව වෙන් කරන ලදී.
රාජපක්ෂ මහතා අද දින පස්වරු 1.45 සිට 3.00 දක්වා කාලය තුළ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබා දුන් අතර, එම සාක්ෂි යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් සටහන් කර ගන්නා ලදී.
ලලිත්-කුගන් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී සිටියි!
සබැඳි පුවත්


