බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW :

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියරේ කොන්ත්‍රාත්තුව එකතු කළ අගය මත බද්ද (VAT) හැර රුපියල් බිලියන 2.89 ක පිරිවැයකින් ‘මාගා ඉංජිනේරු (පුද්ගලික) සමාගම’ (Maga Engineering (Pvt) Ltd) වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.


ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ ඉදිරිපත් වූ ලංසු හතක් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උසස් පෙළේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගෙන තිබේ.


ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් කොළඹ-හොරණ මාර්ගයේ කිරුළපන හන්දියේ සිට දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86 ක කොටසක් සංවර්ධනය කිරීමට නියමිතය.


මෙම ව්‍යාපෘතිය යටතේ, ප්‍රදේශයේ රථවාහන ධාවනය සහ සම්බන්ධතාවය ඉහළ නැංවීම සඳහා දැනට පවතින මාර්ග කොටස මංතීරු හයකින් යුත් මාර්ගයක් ලෙස අලුත්වැඩියා කර සංවර්ධනය කෙරෙනු ඇත.


ඊට අමතරව, යටින් දිවෙන මාර්ගයක් (Underpass), සංඥා සහිත හන්දි, පදිකයන් සඳහා වන විශේෂ පහසුකම් සහ පවතින කානු පද්ධතිය වැඩිදියුණු කිරීම ද මෙම සංවර්ධන කටයුතුවලට ඇතුළත් වේ.


මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ-හොරණ ප්‍රධාන මාර්ගයේ මාර්ග යටිතල පහසුකම් ශක්තිමත් වන අතර, අවට ප්‍රදේශවල රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...