කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ ලබන වසරේ මුල් කාලය තුළද පවතිනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
2027 වසරේ දෙවන කාර්තුවෙන් පසුව උද්ධමනය 5%ක ඉලක්කය වෙත ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.
උද්ධමනය ඉහළ යාමෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මේ වනවිට මුදල් ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු ප්‍රතිපත්තිමය මෙවලම් භාවිත කරමින් පියවර ගෙන ඇති අතර ඉදිරියේදීද එවැනි අවිනිශ්චිත තත්ත්වයන් ඇති වුවහොත්, ආර්ථිකයට ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය මෙන්ම රජයේ රාජ්‍ය මූල්‍ය ප්රතිපත්තියද අවශ්‍ය පරිදි භාවිත කිරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියාසිටියි.


