සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (30) රාත්‍රියේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී සිරස මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියකු විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය පිළිබඳ විමසීම සඳහා ය.

එම පහරදීමේ සිද්ධිය පිළිබඳ විස්තර විමසීමෙන් අනතුරුව වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ද දෙදෙනා සාකච්ඡා කර ඇති අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය දෑ කතාබහ කරගැනීම සඳහා පියවර ගැනීමට එකඟතාවක් ද ඇතිකරගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...

රු.6500ක අල්ලසක් ගන්න ගිහින් තරුණ සේවා සභාවේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් 6500ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේ චෝදනාව...

එයාර් බස් ගනුදෙනුව:හිටපු මුදල් ලේකම්ගෙනුත් අල්ලස් කොමිසම ප්‍රශ්න ක‍රයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දී තිබෙන එයාර්බස් ගනුදෙනු චෝදනාවලට...