හසිතා යළිත් වීරවරිය වෙයි

පැවත්වෙන ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ දී දෙවන වතාවටත් තරඟයේ වීවරිය වීමේ අවස්ථාව හසිතා සමරවික්‍රම උදා කර ගත්තාය.තායිලන්තය සමඟ පැවති කරගයේදී හසිතා සහ නොදැවී ලකුණු 39 ක් ලැබූ නිලක්ෂි ද සිල්වා නොවන්නට තායිලන්තය ඉදිරියේ පරාජය වීමේ අවධානමක් ශ්‍රී ලංකාවට එල්ල වන්නට තිබිණ.චමරි අතපත්තු,හසිනි පෙරේරා,ඕෂධි රණසිංහ සහ කව්ශනී නෘත්‍යංජනා ලබා ගත්තේ පිළිවෙලින් ලකුණු 12,06,01 සහ 00 ක් ය.

නමුත් සුපිරි පිතිහරඹයක් පෑ හසිතා පන්දු 69 දී හතරේ පහර 10 ක් සමඟ රැස් කළ ලකුණු 69 නිසා ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 5 ට ලකුණු 156 ක් සේ නිමා විය.තායිලන්ත කණ්ඩායමේ 18 හැවිරිදි තිපච්ඡා පුත්තාචොන්ග් සිය වමත් දඟ පන්දුවෙන් ශ්‍රී ලංකා කඩුලු දෙකක් දවා ගැනීම සඳහා පන්දු ඕවර් 4 තළ ලබා දුන්නේ ලකුණු 26 ක් පමණි.
ලකුණු 157 ක් ඉලක්කයක් හඹා යාමට පිවිසි තායිලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අත දිග හරින්ට අවස්ථාව දුන්නේ නැත.මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ මද වේග පන්දු යවන්නියන් වන අචිනි කෞශල්‍යා සහ සුගන්ධිකා කුමාරි හොඳින් පන්දු යවමින් සිය පන්දු යැවූ අතර සුගන්ධිකා පන්දු ඕවර් 4 තුළ ලකුණු 14 ට එක් කඩුල්ලක්ද,අචිනි පන්දු ඕවර් තුනකදි ලකුණු 19 ක් ලබා දි කඩුලු දෙකක්ද ලබා ගත්තාය.ඉනෝකා රණවීර සහ කවිශා දිල්හාරී සිය පන්දු ඕවර් හතර යවමින් එක් කඩුල්ල බැඟින් දවා ගත්තේ පිළිවෙළින් ලකුණු 19 සහ 20 ක් ලෙස ලකුණු ලබා දෙමින්ය.ඒ නිසා තායිලන්ත ඉණිම කඩුලු 5 ට ලකුණු 107 ක් සේ නිමා වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 49 ක් ජයක් උරුම කර දෙමින්ය.

තායිලන්තය වෙනුවෙන් නන්පාත් කොන්චරොනකායි ලකුණු 25 ක් එකතු කළාය.වැඩිම ලකුණුලාභිණිය වූ චනිතා සුත්තිරන්ග් නොදැවි ලබා ගත් ලකුණු ප්‍රමාණය 37 කි.ඡායාරූපයේ දැක්වෙන්නේ සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ හසිතා සමරවික්‍රමය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් පනත යටතේ කොණ්ඩය සහ පච්ච නිසාත් හිරේ දාන්න පුළුවන් – ජනාධිපති නීතීඥ සාලිය අනතුරු හඟවයි !

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජය අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික...

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...