එයාර් බස් ගනුදෙනුව:හිටපු මුදල් ලේකම්ගෙනුත් අල්ලස් කොමිසම ප්‍රශ්න ක‍රයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දී තිබෙන එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළ සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

ජයසුන්දර මහතාගේ නිකවැරටියේ පිහිටි නිවසට නිලධාරීන් ගොස් එම ප්‍රකාශය ලබාගෙන ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම එයාර් බස් සිද්ධියට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (30) ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මිට ඉහතදී මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත නිදහස්ව සිටි ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අනපේක්ෂිත ලෙස මරණයට පත්වූ අතර එය සිය දිවි නසා ගැනීමක් බවට ප්‍රකාශ විය.

මේ අතර අදාළ විමර්ශනවල දෙවන සැකකාරිය වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි වෙනුවෙන් තැබූ ඇප මුදල් රාජසන්තක කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කර තිබේ.

සැකකාරිය අධිකරණය මගහැර විදේශගතව සිටීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වන විටත් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. මෙම නඩුවේදී සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනී සිට ඇත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳය. ඒ අනුව ඇප මුලද වන රු මිලියන 40ක මුදලක් රාජසන්තක වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...