SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු මහතා ඇතුළු නිලධාරීන් 06 දෙනෙකුට ස්ථානමාරු ලබාදීම සඳහා පොලිස්පතිවරයා කර ඇති නිර්දේශය එහිදී සලකා බැලීමට නියමිත බව සඳහන්.

කොළඹ වරාය පරිශ්‍රයේ කන්ටේනර් දෙකක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් අත් අඩංගුවට ගැනීම සිදුකෙරුණේ රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ වන අතර එම මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් ගැන පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ද සිදුකරමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...