කාසල්රී ජලාශය පිටාර ගලයි

Date:

කාසල්රී ජලාශය අද අලුයම 2 පමණ සිට පිටාර ගලන බව වාරි ඉංජිනේරුවෝ පවසති.

මධ්‍යාම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ට පසුගිය දින කිපය පුරා පැවති දාරානිපාත වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශය අද අළුයම 2 පමණ සිට වාන් දමමින් පවති.

එම ජලාශ වේල්ල උස අඩි 155 ක් පමණ වන අතර පසුගිය දා ඊට ඉහලින් තවත් අඩි 4 ක පමණ උසක් ජලය රදවා ගැනීම සදහා විශේෂ වායු බැළුම් ආධාරයෙන් ක්‍රියාත්මක වන ගෙට්ටු පද්ධතියක් ද සවිකරන ලදී.

එම ගෙට්ටු පද්ධතියට ද ඉහලින් මෙලෙස අගලක පමණ ප්‍රමාණයකින් ජලය වාන් දමමින් පවතී.

කාසල්රි ජලාශය ලංකා විදුලිය බල මණ්ඩලය යටතේ පවතින අතර ලක්ෂපාන ජල විදුලිය බල සංකිර්ණය ට අයත් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නවලක්ෂපාන හා පොල්පිටිය යන ජල විදුලිය බලාගාර සදහා ජලය යපයනු ලබයි.

එම ජල විදුලිය බලාගාර උපරිමයෙන් ක්‍රියාත්මක වන බවද විදුලි ඉංජිනේරුවන් පැවසීය.

ක්‍රිෂාන්තන් 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...

කල් ගියත් මෙවර උසස්.පෙළ. ප්‍රථිඵල ගැන ඉඟියක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : පසුගිය දින...

ගාසා තීරයේදී ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රායිඩ් සාද් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...