2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙය පසුගිය වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියය 0.2ක ඉහළ යාමක් වන අතර මේ වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 0.3ක ඉහළ යාමක් බව සඳහන්.
මේ වසරේ දෙවන කාර්තුව තුල මෙරට විරැකියාවෙන් පෙලෙන පුද්ගලයින් සංඛ්‍යාව 340,240ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් දැක්වෙන්නේ.
ඉන් සියයට 6.1ක් කාන්තාවන් වන අතර සියයට 2.8ක් පිරිමි පුද්ගලයින් බවත් එහි දැක්වේ.
වැඩිම විරැකියා අනුපාතයක් ඇත්තේ අවුරුදු 15 – 24 අතර වයස් කාණ්ඩවල බවත් එම වාර්තාවේ සඳහන්.


