2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වූ ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත්‍රවල වැට් බද්ද ඉවත් කිරීමේ පොරොන්දුව ඉටුකරන ලෙස පවසමින් බවත් එහිදී ආණ්ඩුව පොලීසිය යොදවා එම උද්ඝෝෂණය මර්දනය කිරීමට කටයුතු කළ බවත් ජන අරගල ව්‍යාපාරයේ සාමාජික ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසයි.

“2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී අනුර කුමාර දිසානායක මහතා කිව්වා ආහාරවලට, සෞඛ්‍ය උපකරණවලට සහ අධ්‍යාපන උපකරණවලට වැට් බදු අවුරුදු 20කට පසුව නැවත ඇතුළු කළේ රනිල් වික්‍රමසිංහ තමයි කියන එක. මේක කිසිසේත්ම සාධාරණ දෙයක් නෙවෙයි, ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියලා ඔහු කිව්වා. නමුත් දැන් වෙනකොට ඉතාම පැහැදිලියි ඔහු ඒක කරන්නේ නැහැ. මේ උද්ඝෝෂණයේ තේමාව වුණේ ජඩබදු හකුළාගන්න කියන එක. ජාජබ ඡන්දෙ ගන්න දීපු පොරොන්දු ඉටුකරන්න කියලා තමයි අපි මහපාරට බැහැලා අරගල කළේ. ඒ සටන් පාඨ අරගෙන පාරට ආවාට පස්සේ මේ ආණ්ඩුව ඒකට පොලීසිය යොදවලා මර්දනය කරන්න පුළුවන් උපක්‍රම පාවිච්චි කරලා සහෝදරවරු 06 දෙනෙක් අත් අඩංගුවට ගත්තා.

2024දී AKD. ඊටපස්සෙ එයා PKD. පච කුමාර දිසානායක කියලා ගිය අවුරුද්දේ සාකච්ඡාවක් ගොඩනැගුණා. දැන් 2026 වෙද්දී BKD වෙලා. බදු කුමාර දිසානායක. අපි කියනවා මේකෙ ඊළඟ වර්ෂන් එක ලබන අවුරුද්දේ MKD. මැර කුමාර දිසානායක. MKD කියන්නෙ මේ ආපු ඔක්කොම වර්ෂන්වලට වඩා මේ රටේ ජනතාවට අහිතකර තත්වයක්. ඒ නිසා මේක පරාජය කරන්න දැන්ම මැදිහත් වෙන්න ඕනෙ”

ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ බව පැවසුවේ ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයේ ෆ්ලේවියෝ බොල්සොනාරෝ පළමු වටයේ පෙරට එයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...