දැඩි ආර්ථික බලපෑම් මැදම ඉරානයේ තෙල් ඇමති ඉල්ලා අස්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පාක්නෙජාඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස ඉල්ලා අස්වන්නේ පෞද්ගලික හේතූන් යැයි ඔහු සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, මෙම ඉල්ලා අස්වීම ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව ජාතික ඉරාන තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් බොවාර්ඩ් වැඩබලන තෙල් අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

2024 අගෝස්තු මාසයේ සිට අමාත්‍ය ධුරයේ කටයුතු කළ මොහ්සෙන් පාක්නෙජාඩ් මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය වාතාවරණය හමුවේ එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇති පසුබිමකය.

ජනාධිපති කාර්යාලයේ සන්නිවේදන අංශයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහ්දි තබතබායි රාජ්‍ය රූපවාහිනිය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ පාක්නෙජාඩ් “බොහෝ කලකට පෙර” පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වීමට තීරණය කර තිබූ බවත්, ඔහුගේ දැඩි ඉල්ලීම මත ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් එම ඉල්ලා අස්වීම පිළිගත් බවත්ය.

ඉල්ලා අස්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය විසින් අලෙවි කරන ලද තෙල් සඳහා වන ආදායම තවදුරටත් ලැබෙමින් පවතින බවත් ඉදිරියටත් එය එසේම සිදුවනු ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාව සරණාගතයන් මියන්මාරයට තල්ලු කිරීමේ මානුෂීය ඛේදවාචකය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : භයානක සිවිල් යුද්ධයකින්...

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...

බ්‍රසීල ජනාධිපතිවරණය: ෆ්ලේවියෝ බොල්සනාරෝ සහ ලූලා අතර දෙවන වටයේ සටනක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපතිවරණය දක්ෂිණාංශික දේශපාලඥයෙකු...