කොළඹ LNW: සිරදඬුවමට යටත් වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබේ.
ඥානසාර හිමියන් ගිහිඇඳුමින් සැරසී අධිකරණයට රැගෙන විත් තිබෙන අතර කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඥානසාර හිමියන් එලෙස අධිකරණයට රැගෙනවිත් ඇත.
මේ වන විට මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයකට යොමුව තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබුණු අතර ඒ වෙනුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් තිබුණි.
අනතුරුව පසුගිය (05) දිනයේදී උන්වහන්සේව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ දිනයේදී යළි අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලදුව උන්වහන්සේගේ දඬුවම ක්‍රියාත්මක කාන ලෙස අධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් වෙත නියෝග කර තිබුණි.


