සටහන – රුවන් නෙළුගොල්ල
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම අද (06) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
එහිදී මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ස්ථානාධිපතිවරයාට ඔක්තෝබර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
සිරිලිය සවිය සංවිධානයේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් 13 වනදා FCIDය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. සිංගප්පූරුව බලා ගොස් සිටි ඇය යළි දිවයිනට පැමිණ තිබුණේ ඊයේ රාත්‍රියේ ය.


