රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරුණි.
රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාව යටතේ ඇය රඳවා සිටියි.
අධිකරණ නියෝගයකට අනුව ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම සිද්ධියටම අදාළව අත්අඩංගුවට ගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා දැඩි කොන්දේසි යටතේ ශරීර ඇප මත මුදාහැරීමට ද අධිකරණය නියෝග කර ඇත.


