සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08:
යේමනයේ හූති සටන්කාමීන් සහ සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා අතර සටන් උත්සන්න වෙමින් පවතින අතර, සෞදි අරාබියේ ගුවන් තොටුපළ දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
ප්‍රහාර එල්ල වී ඇත්තේ රියාද්හි කිං කලීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ දකුණු සෞදි අරාබියේ අභා ගුවන් තොටුපළට ය. අභා ගුවන් තොටුපළේ ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා ඇති අතර, රියාද්හි ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් අට දෙනෙකු තුවාල ලබා ඇත.
හූති සංවිධානය ප්‍රහාර සඳහා වගකීම භාරගෙන ඇති අතර, ඩ්‍රෝන සහ මිසයිල භාවිත කළ බව සඳහන් කර තිබේ. මේ අතර, හූති ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස සෞදි නායකත්වයෙන් යුත් සන්ධානය යේමනයේ හූති හමුදා ඉලක්ක 80කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ ඇති අතර යේමනයේ ඒඩන් ජාත්‍යන්තර ගුවන් තොටුපළටද බැලස්ටික් මිසයිල සහ පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති අතර, එක් මිසයිලයක් ධාවන පථය ආසන්නයට වැටී තිබේ.
මෙම නව ගැටුම් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශවලටද පැතිරී ඇති අතර, එය ලෝකයේ වැදගත්ම නාවික හා බලශක්ති ප්‍රවාහ මාර්ගයක් බැවින් කලාපීය ආරක්ෂාව පිළිබඳ අවධානය වැඩි වී තිබේ.

