රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස නම් කරමින් නිල ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නව නියෝගය හරහා අදාළ ආයතනයට නීතිමය වශයෙන් විශේෂ බලතල පැවරී ඇති බව සඳහන් වේ.
මේ වන විට මෙම විමර්ශන කාර්යාංශය කොළඹ 05 පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත.
මේ හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නීතිමය රාමුවට යටත්ව අපරාධ විමර්ශන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.


