කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කථානායකවරයාට එරෙහි චෝදනා 49ක් මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති අතර පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි හැසිරවීමේදී කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධුරයට නුසුදුසු බවට චෝදනා එල්ලකරමින් විපක්ෂය විසින් මෙම විශ්වාසභංගය ගෙනඑනු ලබයි.

තම පක්ෂය මීට පෙර ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ප්‍රශ්න සහ යෝජනා කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා කථානායකවරයා ප්‍රතික්ෂේප කළ බවද සමගි ජන බලවේගය චෝදනා කර ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබුණි.

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත අද යොමුකිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...