අල්ලස් ගත් වන ක්ෂේත්‍ර සහකාර අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW :

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත වැල්ලවාය අඩවි වන කාර්යාලයේ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රජයේ ඉඩමක අනවසරයෙන් වගා කටයුතු කරගෙන යාමට නීතිමය පියවර නොගැනීම වෙනුවෙන් මොහු විසින් මෙම අල්ලස් මුදල අය කර තිබේ.

ඒ සඳහා මාසිකව රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය කටයුතු සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...

සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙරට නිදහස් සෞඛ්‍ය...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

තිලිණ ගමගේ විනිසුරු ධුරයෙන් ඉවත් කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : එල්ලවී තිබූ සියලු...