සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW :

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, කඩවත සරණ බෞද්ධ පදනමේ සහ සිංගප්පූරුවේ වැඩ වාසය කරන, නාකුළුගමුවේ සුමන නාහිමියන් සහ කඩවත සරණ බෞද්ධ පදනමේ සභාපති සුනිල් විජේවර්ධන කොහිලවත්ත මහතාගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 120කට ආසන්න වටිනාකමින් යුත් නවීන ලැපරොස්කොපි (Laparoscopy) යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීම පසුගියදා සිදු විය.

ඊට අදාළ යන්ත්‍ර සහ නිල ලේඛන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීම නාරාහේන්පිට, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ‘ඇසිදිසි මැදුර’ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම පරිත්‍යාගය යටතේ ලැබුණු නවීන ලැපරොස්කොපි යන්ත්‍ර දෙක මහනුවර ජාතික රෝහල සහ රාගම ශික්ෂණ රෝහල වෙත ලබාදීමට සැලසුම් කර ඇත. එමගින් එම රෝහල්වල සිදුකෙරෙන නවීන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට අවස්ථාව උදා වේ.

ලැපරොස්කොපි තාක්ෂණය යොදාගනිමින් සිදුකරන ශල්‍යකර්මවලදී සාම්ප්‍රදායික විවෘත ශල්‍යකර්මවලට (Open Surgeries) සාපේක්ෂව ශරීරයට සිදුකරන කැපුම් ප්‍රමාණය ඉතා අවම වේ. ඒ හේතුවෙන් ශල්‍යකර්මයෙන් පසු රෝගීන් වේගයෙන් සුවය ලැබීම, අධික වේදනාව අවම වීම මෙන්ම රෝහල්ගතව සිටින කාලය සැලකිය යුතු ලෙස කෙටි වීමද සිදු වේ. නවීන ශල්‍ය තාක්ෂණය යොදාගනිමින් රෝගීන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම ප්‍රතිකාර ලබාදීම සඳහා මෙන්ම රෝහල්වල ප්‍රතිකාර ධාරිතාව ඉහළ නැංවීම සඳහා ද මෙම උපකරණ සුවිශේෂී දායකත්වයක් සපයනු ඇත.

මෙම උපකරණ භාරගැනීමේ අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී හේමාලි වීරසේකර, කඩවත සරණ බෞද්ධ පදනමේ ලේකම් දයාපාල හේවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය මධ්‍යයේ යුරෝපයට ගෑස් අලෙවි කිරීමට ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : යුක්‍රේන...

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

අල්ලස් ගත් වන ක්ෂේත්‍ර සහකාර අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අල්ලස් ලබා ගැනීමේ...