අද (10) දවසේ වැසි තත්වය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක...

“ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය”

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක...

අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවයේදී මොකද වුණේ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති...

රතු කාඩ්පතකින් බේරුණු මෙසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ක්‍රීඩාවේ පවතින ඉහළ තරගකාරීත්වය...