රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW :
කළුතර, නාගොඩ ප්‍රදේශයේදී ඊයේ (09) දින අවන්හලක් අසල සිදු වූ වෙඩි තැබීමේ අපරාධය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාර වෙඩික්කරු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර කාන්තාවක් බරපතළ තුවාල ලැබීය.
කොළඹ සිට මඩකලපුව බලා බස් රථයකින් පලා යමින් සිටියදී නාවල්අඩි හන්දියේ පිහිටි මාර්ග බාධකයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ සිම්පත් 06ක් පොලිස් භාරයට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු වාලච්චේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.


