රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW :
අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ‘හදිසි ක්‍රියාකාරී හා උපක්රමික බලකායට’ (Emergency Action and Tactical Force) අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නිලධාරියෙකු ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ(11) රාත්‍රියේ සිදු වූ බවයි.
සැකකරු කහවත්ත, කපුහේන්තොට ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි බන්ධනාගාර නිලධාරියෙකි.
වාර්තා වන පරිදි, රාජකාරි විරාමයක් අතරතුර බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටතට ගොස් නැවත පැමිණෙමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ හදිසි පරීක්ෂාවකදී මොහු සතුව තිබී ගංජා සොයාගෙන ඇත.
සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා අංගුණකොළපැලැස්ස පොලිසිය වෙත භාර දීමට නියමිතය.


