සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව එතැන් සිට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා සංඝරත්නය අතර පසුගිය 08 වැනිදා පැවති සාකච්ඡාවේදී එළඹුණු අදහස පරිදි, මෙම සංවේදී ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් අධ්‍යයනය කර බන්ධනාගාර ආඥා පනත යටතේ වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා එදිනම සාමාජිකයන් 05 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරන ලදී.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

මෙම විශේෂ කමිටුවේ පළමු රැස්වීම එහි සභාපති සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් සිදු කර ඇත.

එම කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදුකර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම සංශෝධනවල භික්ෂූන් වහන්සේට අදාළ යෝජනා, අදහස් ලබා ගැනීම සඳහා එලඹෙන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ අනුව එතැන් සිට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු කෙරෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...