ඇමරිකාව, ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයට එරෙහි නව ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට සැකයක් ?

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 :
මේව විට නැවත වරක් මැදපෙරදිග කලාපයේ යළිත් යුද උණුසුම ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව, ඔක්තොබර් මස 27 වන දිනට පැවැත්විමට නියමිත ඊශ්‍රායල මැතිවරණයට පෙර ඉරානයට ප්‍රහාරයක් එල්ල වෙතැයි කෙරෙන කතාබහ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බෙන්ජමින් නෙතන්යාහුට සහය පල කිරීමත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන යළි ගොඩනැගීම පිළිබඳ ඊශ්‍රායලය පළ කළ කනස්සල්ල හමුවේ දෙරට නායකයන් ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත නව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කළ බව කියැවේ.

කෙසේ වෙතත්, මෙම වාර්තා සම්බන්ධයෙන් ධවල මන්දිරය සඳහන් කරන්නේ ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහි නව ප්‍රහාරයක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන ඇති බවට තහවුරු කිරීමක් නොමැති බවයි.

ඒ අනුව, ඉදිරි දිනවලදී ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ නිල ප්‍රකාශ, ඉරානයේ ප්‍රතිචාර සහ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමුවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි කප්පාදුවට හේතුවුණු නොරොච්චෝලේ බිඳවැටීමට මූලික හේතුව බාල ගල් අඟුරු – චානක

දිවයින පුරා විදුලි කප්පාදුවකට ද තුඩුදී ඇති නොරොච්චෝලේ බලාගාරයේ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්. වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි...

ආණ්ඩු විරෝධීන්ට එරෙහිව ජනතාව පාරට බහින්න පුළුවන්, ඒක අපි වළක්වන්නේ නෑ – ඇමති ප්‍රසන්න

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ...

අලුත් පනත යටතේ කොණ්ඩය සහ පච්ච නිසාත් හිරේ දාන්න පුළුවන් – ජනාධිපති නීතීඥ සාලිය අනතුරු හඟවයි !

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ...