හිටපු ජනපති ගෝඨාභයට එරෙහි නඩු විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබාදී තිබේ.

ඒ, එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන්නැයි රජයට නියෝග කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් දෙක ගොනුකර ඇත්තේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූර ජූලියන් බෝලින් සහ විශ්ව විද්‍යාල ආචාර්ය මහීම් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසිනි.

අදාළ පෙත්සම් 2023 ජනවාරි 09 වනදා යළි කැඳවීමට නියම කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...