ලොව මිත්‍රශීලී රටවල් 10 අතර ශ්‍රී ලංකාවත්

Date:

පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකාවට ක්ෂේත්‍ර කිහිපයකින් ලෝක වාර්තා තැබීමට සමත් විය. කෙසේ නමුත් ඒ කිසිදු වාර්තාවක් ආඩම්බර වියහැකි අන්දමේ වාර්තා නොවේ.

උද්ධමනය ඉහළ යාමෙන් පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව ලෝකයේ පළමු රටවල් 05 අතර රැඳී සිටින අතර ඩොලරයට සාපේක්ෂව වේගයෙන් වටිනාකම අවම වන මුදල් ඒකක අතර රුපියල පළමු රටවල් කිහිපය අතරට පැමිණ තිබිණි.

මෙසේ වාර්තා පිට වාර්තා තබද්දී ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර වියහැකි වාර්තාවක් තබා තිබෙනවා. ඒ ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා.

ලන්ඩන්හි Condé Nast ට්‍රැවලර් සඟරාව විසින් ප්‍රකාශයට පත්කර ඇති මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලොව මිත්‍රශීලීම රටවල් අතර ශ්‍රී ලංකාව 09 වැනි ස්ථානයට පත්ව සිටී.

Condé Nast ට්‍රැවලර් සඟරාවට අනුව ලොව මිත්‍රශීලීම රට ෆ්‍රෙන්ච් පොලිනීසියාවයි. දෙවැනි ස්ථානයට කොලොම්බියාවත්, තෙවැනි ස්ථානයට නවසීලන්තයත් ශ්‍රේණිගත කර තිබෙනවා. පළමු ස්ථාන 10 අතර සිටින සෙසු රටවල් වන්නේ තායිලන්තය, කොස්ටාරිකා, බොට්ස්වානා, පේරු, බෙලිස් සහ පිලිපීනයයි.

ශ්‍රී ලංකාවේ ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලුදෙනාම අමුත්තන්ට ආදරය දක්වන සහ උපකාර කිරීමට අවංක ආශාවකින් යුක්ත පිරිසක් ලෙස ප්‍රකට බව Condé Nast ට්‍රැවලර් සඟරාව පවසනවා. ගාලු කොටුව, මිරිස්ස, සීගිරිය වැනි සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන රැසක් ශ්‍රී ලංකාව සතු බවද එම සඟරාව සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...