පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නෑ. ලබන වසරේ ජනාධිපතිවරණයක් ?

Date:

ලබන වසරේදී (2023) ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්වයන් සහ අදාළ වෙනත් අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් මේ වනවිටත් පැවැත්වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

එම ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකෙරෙනු ඇති බවත් වාර්තා විය.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි ප්‍රධානතම අපේක්ෂකයින් දෙදෙනා වශයෙන් තරගවදිනු ඇති බව සඳහන්.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතාත් එම ජනාධිපතිවරණයට සෙසු ප්‍රධාන අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් වෙනු ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...