අපි එදා රනිල්ට බැන්නාට දැන් හොඳ කියනවා. මේ රජය රැකගත යුතුයි – මහින්ද (VIDEO)

Date:

වත්මන් රජය රැකගෙන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වමින් ඉදිරියට යාමට කටයුතු කරන බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“තමුන්නාන්සෙලා දන්නවා, අද අභියෝග රාශියකට අපි මුහුණ දෙනවා. ඒ අභියෝග ජයග්‍රහණය කරන්න අපට ශක්තිය තියෙනවා. ඒ ශක්තිය මත අපි ඒ අභියෝග ජයග්‍රහණය කරමින් මේ රටේ ජනතාවට අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕනෙ. ආණ්ඩුවක යුතුකම ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ අවශ්‍යතාවයන් ඉටුකිරීම කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා අද අපි කාර්යභාරය ඉටුකරන්න පියවර අරන් තියෙනවා. අපි එකතුවෙලා මේ රජය රැකගෙන, රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙල …. අපි එදා නම් රනිල්ට බැන්නා. රනිල් යූඑන්පී කාරයායි කියලා. දැන් ඉන්නෙ රනිල් අපිත් එක්ක. ඉතින් අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහමගට හැරිලායි කියලායි මම විශ්වාස කරන්නෙ. අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යන්න කටයුතු කරනවායි කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම ජය පතමින් මම කතාව අවසන් කරනවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) කළුතරදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජන රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...