ආගමික සිද්ධස්ථානවල විදුලි බිලට සහනයක් …

Date:

ආගමික සිද්ධස්ථානවල විදුලි බිල් සඳහා සහනයක් ලබාදීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව මාසිකව විදුලි ඒකක 180 ට වැඩියෙන් පරිභෝජනය කරන ආගමික සිද්ධස්ථාන මෙතෙක් පැවති පුණ්‍ය ආයතන කාණ්ඩයෙන් ඉවත් කර ඒවා පොදු කාර්යය කාණ්ඩයට ඇතුළත් කරමින් විදුලි ඒකකයක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 65ක මුදල රුපියල් 32ක් දක්වා අඩුකිරීමට තීරණය කළ බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේම මෙම ගාස්තු සංශෝධනය පසුගිය අගෝස්තු 10 වනදා සිට බලාත්මක වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

කෙසේවෙතත් මාසිකව විදුලි ඒකක 180 ට අඩුවෙන් පරිභෝජනය කරන ආගමික සිද්ධස්ථාන සාමාන්‍ය ක්‍රමවේදය අනුව විදුලි බිල ගෙවිය යුතු බවත් ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...