*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශපාලන මගඩිවලට අපි නෑ. වැටුණු රට නංවන්න වර්ධන ක්‍රමෝපායක් අවශ්‍යයි – සජිත්

රටේ ආදායම වැඩි කර ගැනීමට බදු ව්‍යුහය වෙනස් කළ යුතු බවත් රජයක් ලෙස වියදම් කරන විට එය ඉලක්ක ගත විය යුතු බවත් එම ඉලක්ක සම්පුර්ණ කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තුළින් ආර්ථිකය හැකිලෙන බවත් එවැනි අවස්ථාවක දී කළ යුතු අලුත් වැඩක් වන්නේ අපේ රටට වර්ධන ක්‍රමෝපායක් හඳුන්වා දීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කුමන ආණ්ඩුවක් පැවතියත් පීඩනයක් අසහනයක් ඇති වුවත් එය අවම කිරීම රජයේ වගකීම වුවත් මේ රජය තුළ සමාජ ආරක්ෂන වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන් ළඟ ඇත්තේ රාජපක්ෂ පවුල රැකගෙන මැති ඇමතිවරු සංවර්ධනය කිරීමේ ආරක්ෂණ වැඩපිළිවෙළක් බවත් මේ වන විට රාජය ඇමතිවරු 38ක් සිටින බවත් තවත් පුද්ගලයන් කිහිප දෙනකු පත් කිරීමට නියමිත බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රට බංකොලොත් කළ නාමල් රාජපක්ෂ නියෝජනය කරන ජාතික සභාවට රට දියුණු කිරීමට රටේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා නිර්මාණය කිරීමට අවශ්‍ය කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීමට බාර දී ඇති බවත් එය හාස්‍යයට කරුණක් බවත් රට විනාශ කළ රාජපක්ෂලාගෙන්ම විසදුම් ලබා ගැනීමට සිදුව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඔවුන් ජනතාව අන්දවමින් කටයුතු කරන බවයි.

මෙවැනි දේශපාලන මගඩිවල කොටස්කරුවන් වීමට සමගි ජන බලවේගය හෝ සමගි ජන බල සන්ධානය සුදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති සමගි ජන බලවේගයේ යටිනුවර ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි. එය සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ යටිනුවර ආසන සංවිධායක ගැමුණු අභයසුන්දර මහතා විසිනි. අති විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

බංකොලොත්භාවයෙන් යුත්, ණය ගෙවා ගත නොහැකි විනාශ වූ රටක් ගොඩනැගීම සඳහා වත්මන් රජය විසින් ස්ථායීකරණය ඇති කරනවා කියා ආර්ථීකය සංකෝචනය හෙවත් කුඩා කරන බවත් ඒ තුළින් රටේ ඉල්ලුම අඩු කර උද්ධමනයට විසඳුම සහ වෙනත් සාර්ව ආර්ථික විචල්‍යයන්ට විසදුම් ලැබෙන බව සිතා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස සමයේ යුද්ධ 2ක් සහ අර්බුධ රැසක් පැවතියත් ආර්ථික සංකෝචනයක් සිදු නොකළ බවත් ඔහු ඇගලුම් කර්මාන්ත 200 වැඩසටහනක් ආරම්භ කළ බවත් ඒ සඳහා කුමන විවේචන පැවැතියත් වර්තමානය වන රටේ ආදායම තීරණය කරන්නේ ඒ ඇගලුම් කර්මාන්ත බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අකාලයේ මිය නොගියා නම් ඇගලුම් කර්මාන්ත පුර 500කට වඩා නිර්මාණය කර අපේ රට සුරපුරයක් බවට පත් කරන බවයි.

එමෙන් ම මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන කිසිවක් මේ රජය ජනතාවට එළි නොකරන බවත් ඔවුන් තමන්ට වාසි කොටස පමණක් ඉදිරිපත් කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන අනුව බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මිනිසුන්ට බොරු නොකියා ඩොලර් බිලියන 2.9 අපේ රටට ලබා ගැනීමට අවශ්‍ය සහාය ඉල්ලා සිටියොත් ලබා දෙන බවත් එසේ නොමැතිව රටට බොරු කියා අපෙන් උදව් ඉල්ලුවොත් ඒ සදහා කිසිසේතම එකග නොවන බවත් ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan