පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුව (MC-5) ඇමතූ අමාත්‍ය වෛද්‍ය නලින්ද!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW :

දේශගුණික අවදානම්, ආපදා පූර්ව සූදානම සහ රෝග නිරීක්ෂණය සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයාගෙන් අවධාරණය කෙරේ.

රෝග නිරීක්ෂණය, දේශගුණය ආශ්‍රිත සෞඛ්‍ය අවදානම් තක්සේරු කිරීම, ආපදා සූදානම සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය වැඩිදියුණු කරමින් ජාතික මහජන සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු ඩිජිටල් තාක්ෂණයන් ඒකාබද්ධ කරගැනීමේ අත්‍යවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ, තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී (UNCC) අද (28) ආරම්භ වූ පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේදී (MC-5) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදහස් දක්වමිනි.

එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සහ තායිලන්ත රජය එක්ව සංවිධානය කරන ලද මෙම සමුළුවේදී, සමුළුවේ උප සභාපතිවරයෙකු ලෙස ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් විය.

සමුළුව හමුවේ විශේෂ අදහස් දැක්වීමක් සිදුකළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ගෝලීය වශයෙන් තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමේ ප්‍රගතිය අපේක්ෂිත මට්ටමට වඩා සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බවයි. කෙසේ වෙතත්, කෘත්‍රිම බුද්ධිය වැනි පරිවර්තනීය ඩිජිටල් තාක්ෂණයන් සෞඛ්‍ය පද්ධතියට ඒකාබද්ධ කිරීම තුළින් දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන සෞඛ්‍ය අවදානම් පාලනය කිරීමට සහ මහජන සෞඛ්‍ය සේවා වඩාත් කාර්යක්ෂම කිරීමට පෙර නොවූ විරූ අවස්ථාවන් උදාවී ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙවැනි නවීන තාක්ෂණික මෙවලම්වල ප්‍රතිලාභ සම්පත් සහ ධාරිතා සීමාවන්ට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට ද අත්පත් කර දීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් මෙවලම් හුවමාරු කරගැනීම, ජාතික අවශ්‍යතාවලට අනුව ඒවා සකස් කරගැනීම සහ ධාරිතා වර්ධනය උදෙසා කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ...

කරන්නාගොඩට සහ යෝෂිතට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි!

කොළඹ LNW:දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ...

කාවන්තිස්ස ඇතුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 'කවන්තිස්ස' ඇතුට...

මහ බැංකු අධිපතිගෙන් රටේ ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳව පූර්ණ තක්සේරුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : රටේ විදේශ සංචිත,...