කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ක්රියාත්මක නව ව්යාපෘතියේ මත්ස්ය බාධක දැල් බෙදාදීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා වවුනියාව දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ජාතික ප්රතිපත්තියට සමගාමීව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශයට අයත් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) මඟින් මෙම ව්යාපෘතිය සඳහා රුපියල් මිලියන 270ක මුදලක් වෙන් කර තිබේ.
මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 17.5ක ආයෝජනයකින් වවුනියාව සහ මන්නාරම දිස්ත්රික්කවල ප්රධාන වැව් 12ක් සඳහා මත්ස්ය බාධක දැල් ලබාදීම මෙහිදී සිදු කෙරිණි. මිරිදිය ධීවර කර්මාන්තය සඳහා වැව් හා ජලාශවලට මුදාහරින මත්ස්ය පැටවුන්, වර්ෂා සමයේදී වැව් වාන් දැමීම හේතුවෙන් පිටතට ගසාගෙන යාම වළක්වා ගැනීම මෙම බාධක දැල් යෙදීමේ ප්රධාන අරමුණය. ඒ හරහා මත්ස්ය සම්පත ආරක්ෂා කරගනිමින් ධීවර ජනතාවගේ අස්වැන්න සහ ආදායම ඉහළ නැංවීමට ඍජු දායකත්වයක් ලැබේ.
සමූපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය උපාලි සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට දිස්ත්රීක් ලේකම්තුමන් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිළධාරීන් පිරිසක් සහ ග්රාමීය ධීවර ජනතාවද සහභාගී වී සිටියහ.


