නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ නඩුව අද (28) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ හිටපු අමාත්යවරයා වරද පිළිගෙන ඇත.
ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම සඳහා නඩුව නොවැම්බර් 11 වනදා යළි කැඳවීමට මහේස්ත්රාත්වරයා නියම කළේය.
කොළඹ පෞද්ගලික හෝටලයක රථගාලක අත්හැර දමා තිබියදී මෙම මෝටර් රථය හමුවී තිබූ අතර එය බදු පැහැර හරිමින් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ එකක් බවත්, එය ලියාපදිංචි නොකර, ව්යාජ අංක තහඩු යොදාගෙන ජොන්ස්ටන් ප්රනාන්දු විසින් භාවිතා කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජොන්ස්ටන් ප්රනාන්දු හිටපු අමාත්යවරයාව 2024 ඔක්තෝබර් මාසයේදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර පසුව ඔහු ඇප මත නිදහස්ව තිබිණි.


