හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේත් වැඩ තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI) වැඩ තහනම් කර තිබේ.

හෝමාගම පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ සිටි 29 හැවිරිදි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව, රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත පොලිස්පතිවරයා විසින් මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බව සඳහන්.

අදාළ තරුණයාගේ මරණයට අදාළව රාජකාරී අතපසුවීම් සහ වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

මෙම සිද්ධියට අදාළව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මීටපෙර කටයුතු කර තිබුණු අතර ඊයේ (28) දිනයේදී හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව අත් අඩංගුවට ද ගෙන තිබිණි.

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණු ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙකු පසුගිය 25 වනදා මෙසේ මියගොස් තිබුණු අතර පොලිස් නිලධාරීන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇති බවයි ඔහුගේ ඥාතීන් චෝදනා කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාවකට මඟ පෑදූ මිනසෝටා ජාවාරම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ඩො. මි. 44ක...