ඉදිකිරීම්, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන තරුණ තරුණියන්ට රුමේනියාවේ රැකියා අවස්ථා!

Date:

ඉදිකිරීම්, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා පුළුල් කරමින් රැකියා 100,000 ක් විවෘත කිරීමත් සමඟ රුමේනියාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එරට රැකියා අවස්ථා ලබාදීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපති වික්ටර් චියුජ්ඩියා පැවසුවේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කුසලතා ඇති තරුණ තරුණියන්ට රුමේනියාවේ සමාගම් සහ බහුජාතික සමාගම්වලට සම්බන්ධ වීමේ හැකියාව සහ අවස්ථාව ඇති බවයි.

තානාපතිවරයා මෙම කරුණු අනාවරණය කළේ පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය.

ඒ අනුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව ගන්නා පියවර පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි.

රුමේනියාව ශ්‍රී ලංකාවේ පුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රමිකයන්ට රැකියා බලපත්‍ර නිකුත් කිරීම අඛණ්ඩව සිදු කර ඇති අතර පසුගියදා නව රැකියා බලපත්‍ර 1,500ක් නිකුත් කර ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

දැනට රුමේනියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 8,000 කට අධික ප්‍රමාණයක් ඇඟලුම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ප්‍රධාන වශයෙන් සේවයේ යෙදී සිටින අතර තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි වඩා හොඳ රැකියා අවස්ථා විවෘත වේ.

යුරෝපා සංගමයේ ජීඑස්පී+ සහනය ලබා ගැනීමටත්,  යුරෝපයේ සහ ආසියාවේ පුළුල් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට මෙන්ම ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන නගාසිටුවමින් එවා පුළුල් කිරීමටත් දෙපාර්ශවයම මෙහිදී එකඟ විය.

මෙම සාකච්ඡාවේදී දුම්රිය එන්ජින් ප්‍රතිසංස්කරණය සහ නිෂ්පාදනය සඳහා තාක්ෂණික සහාය, තෙල් හා ගෑස් ධාරිතා සහ කෘෂි සැකසුම් වැඩිදුර සලකා බැලිය යුතු පැතිකඩ ලෙස හඳුනා ගන්නා ලදී.

බොහෝ ප්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම් රුමේනියාවේ විශාල වශයෙන් ආයෝජනය කරන අතර ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල කුසලතා වලින් හෙබි තොරතුරු තාක්ෂණ සේවකයන්ට රැකියා සොයා ගැනීමට බොහෝ අවස්ථාවන් පවතින බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩිදියුණුව  පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක් නුදුරේදීම රුමේනියාවට පැමිණෙනු ඇති බව තානාපතිවරයා අවධාරණය කළේය.

දෙරට අතර වෙළෙඳාම් සිදුකිරීමේ පහසුව තකා ද්විත්ව බදු පැනවීම වැළැක්වීමට රුමේනියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරන බව ඔහු අනාවරණය කළේය.

රුමේනියාව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ලබාදී ඇති රුමේනියානු දුම්රිය මැදිරි සහ රේල් පීලි පිළිබඳව විශේෂ සඳහනක් කළේය.

ඕවින්දි විශ්මිකා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...