ඉතිහාසයේ පළමු වරට ගොවියන්ට ලැබෙන්න යන සහනය!

කොළඹ LNW:වී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සදහා සහනාධාරයක් ලබා දීමට සැළසුම් කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

මෙම කටයුත්ත සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරට බව සඳහන්.

වෙනත් කිසිදු රජයක් නොගෙවූ අතිවිශාල මුදලක් වර්තමාන රජය විසින් වගා සහනාධාර ලෙස ගොවීන්ට ලබාදීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතින අතර ජාතික ජන බලවේගය විසින් ආණ්ඩුව භාරගන්නා අවස්ථාවේ තිබූ සහනාධාර මුදල මේ වන විට දෙගුණ කර තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ.

“ගොවියාට ඇත්තටම තියෙන වගා සහනාධාර. මේක ගොවියාට පොහොරවලටද, හානියටද, පෝරු ගාන්නද ඕන කටයුත්තකට ගොවියාට මේ මුදල් යොදා ගන්න පුළුවන්. දෙන වගා සහනාධාරී දැන් ලබා දෙන්න පටන් ගෙන තියෙනවා. අපි ආණ්ඩුව ගන්නකොට ගොවියාට ගෙවපු ගාස්තුව දෙගුණයක් කරලා තියෙනවා. වී වලට අමතරව තව බෝග 12ක් සඳහා වීත් එක්කම 13ක් වෙනවා. වීවලට තියෙන සහනාධාර මුදලම ඉතිහාසයේ පළවෙනි වතාවට ගොවි ජනතාවට ලබා දෙනවා. වී වගා කරන ඉඩම්වල අතිරේක බෝග වගා කරන ගොවීන්ට. ඉතින් ඒක නිසා මේ වෙනකොට වෙන කිසිම ආණ්ඩුවක් නොගෙවපු අති විශාල මුදල් ප්‍රමාණයක් වර්තමාන ආණ්ඩුව ගොවියාට වගා සහනාධාර විදිහට ලබා දෙනවා. ඉතින් ඒ සහනාධාර මුදල් ලබාදීමේ කටයුතු මේ වෙනකොටත් සිද්ධ කරනවා” යනුවෙන් ඔහු සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...

දැනුවත් වෙන්න.පරීක්ෂා කරගන්න.පියයුරු පිළිකා අවධානමෙන් මිදෙන්න – අද රට පුරා විශේෂ සායන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පියයුරු පිළිකා වළකා ගැනීම වෙනුවෙන් අද (02)...