රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂිත ඒකකයක් පසුගිය මාර්තු මාසයේදී අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ බවයි.

ඒ අනුව අදාළ ඒකකය මේ වනවිට තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතුවල නිරතව සිටින බව අමාත්‍යාංශය පවසයි.

2026 අයවැය යෝජනාවලට අනුකූලව තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝෂික ගෙවීම්වලට අදාළව දීර්ඝ කාලයක් පවතින හිඟ වගකීම් පියවීමට මහා භාණ්ඩාගාරය කටයුතු කරමින් සිටින අතර එම හිඟ වගකීම් පියවීම සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 5ක මුදලින් රුපියල් බිලියන 2.8ක් 2026 අගෝස්තු මාසය අවසන් වනවිට ගෙවා නිමකර ඇති බවද දැක්වේ.

මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් මෙම වසරේ දෙවැනි කාර්තුව තුළ රාජ්‍ය ව්‍යවසාය ක්ෂේත්‍රයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම, සැපයුම් දාමයන්ට බාධා එල්ල වීම සහ ඇණවුම් අවලංගු වීම ඇතුළු ගැටලු රැසක් ඒ අතර වෙයි.

කෙසේ වෙතත්, එම අභියෝග මධ්‍යයේ වුවද ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51ක් 2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 259.3ක සමස්ත ලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම ව්‍යවසායන් 2025 වසරේ පළමු මාස හය තුළ වාර්තා කර තිබූ සමස්ත ලාභය රුපියල් බිලියන 227.8කි.

ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හය තුළ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51ක සමස්ත ලාභය රුපියල් බිලියන 31.5කින් ඉහළ ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...

Formula One’ ලෝක ශූරයා වූ කිමි ඇන්ටනෙලි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: වයස අවුරුදු 20 න්...