මේ වනවිට ජාතික ජන බලවේගය නොව වෙනත් ආණ්ඩුවක් බලයේ සිටියේ නම් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 700 ඉක්මවා යාම නොවැළැක්විය හැකි බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ප්‍රශ්නය – දැන් පෙට්‍රල්, ඩීසල් මිල ඉහළ ගියා. එතකොට ඒක බලපානවා නේද කෘෂිකර්මාන්තයට සහ ආහාර පානවලට ?
“ඔව්, ඇත්තටම එහෙම බලපෑමක් වෙනවා ඉතින්. නැත්තෙ නැහැ. මේක ලෝක යුධ තත්වයත් එක්ක තමයි මේ තත්වයට අපිට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නෙ. ඇත්තටම වෙනත් ආණ්ඩුවක් තිබුණා නම් මේ යුද්ධය නැගලා ගියපු වෙලාවේ පෙට්‍රල් ලීටරය රුපියල් 700න් එහාට යන එක වළක්වන්න බැහැ. ඒක වැළැක්වීම සඳහා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් දාලා විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කරලා, රජය පාඩුව දරාගෙන තමයි ඇත්තටම මෙතෙක් පෙට්‍රල් ඩීසල් දුන්නේ”
නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ අද (02) කොළඹදී මාධ්ය වෙත අදහස් දක්වමිනි.


