චීනයේ මැදපෙරදිග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉහළට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03:
චීනය ඉරානය සහ ඕමානය සමඟ සාකච්ඡා තීව්‍ර කරමින් මැදපෙරදිග කලාපයේ සාමය වෙනුවෙන් මැදිහත් වීම ආරම්භ කර තිබේ.

ඒ අනුව මැදපෙරදිග කලාපයේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ඉරානය සහ ඕමානය සමඟ සාකච්ඡා පැවැත්වීමට චීනය පියවර ගෙන ඇත. එමෙන්ම ගල්ෆ් කලාපය වෙත විශේෂ නියෝජිතයකු ද යොමු කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඕමාන රාජ්‍ය නායකයා බීජිං නුවරදී පිළිගැනීමට නියමිත අතර, 1978 වසරෙන් පසු ඕමාන රාජ්‍ය නායකයකු චීනයේ සිදුකරන පළමු සංචාරය මෙය වීම විශේෂත්වයක් වන අතර ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් සංවාද හා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතු බව චීනය අවධාරණය කර තිබේ.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සහ කලාපීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා චීනය සිය රාජ්‍යතාන්ත්‍රික භූමිකාව තවදුරටත් පුළුල් කරමින් සිටින බවයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිච්චිලා මැරුණ උන් ආදාහනය කරන්න පුළුවන්ද ?

වෙලාව ආ බව කියන්නත්වෙලාව නොලද මුත්වෙලාව ළඟ බව කියාගෙනනොකියාම...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 03) දිනයේදී දකුණු සහ...

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...