රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW:
ශ්රී ලංකා ගුවන් සේවය මගින් රේඩ් අමසෝන්ස් 2026 සංචාරකයන්ගේ පළමු කණ්ඩායම ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඒ සඳහා පැමිණි ගුවන් යානය කාන්තා නියමුවන් සහ ගුවන් සේවිකාවන් පමණක්ගෙන් සමන්විත වීම විශේෂත්වයකි. මෙමගින් කාන්තා සවිබල ගැන්වීම මනාව පිළිබිඹු කෙරේ.

මෙවර තරගාවලියේ ප්රධාන අනුග්රාහකයා ලෙස ශ්රී ලංකා ගුවන් සේවය කටයුතු කරයි. මෙම ත්රාසජනක සහ සංස්කෘතික ගවේෂණ සංචාරක මෙහෙයුම හරහා විශාල පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතය.

එමගින් මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කිරීමට මහත් පිටුවහලක් ලැබෙනු ඇත.


