රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW :
මරදාන, ටෙක්නිකල් හන්දිය (Technical Junction) ආසන්නයේ සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී විදේශ ජාතිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ලදී. අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 12 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් 6 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයින් 3 දෙනෙකු සිටිති. පොලිසිය පවසන පරිදි, මොවුන් නීත්‍යානුකූල වීසා බලපත්‍ර නොමැතිව ගොඩනැගිල්ලක් තුළ අනීතිකව රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


