රට බංකොලොත්වීමේ කිසිදු අවදානමක් නෑ – මහ බැංකු අධිපති

Date:

රට බංකොලොත් වන තත්වයට පත්ව ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා කළද එවැනි කිසිදු අවදානමක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. 2020 වසරේදීද මෙවැනි අවදානමක් පිළිබඳව අනතුරු අඟවා තිබූ නමුත් මේ දක්වා එවැනි තත්වයක් ඇති නොවූ බවද කබ්රාල් මහතා සඳහන් කරනවා.

ඉතිහාසය පුරා විටින් විට රට බංකොලොත් වන බව විවිධ කණ්ඩායම් ප්‍රකාශ කළ නමුත් ඒ කිසිදු අවස්ථාවකදී රට බංකොලොත් නොවූ බව පෙන්වා දෙන මහ බැංකු අධිපතිවරයා පවසන්නේ දැන් රට නැවතත් ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බවයි.

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන ‘2022 ශ්‍රී ලංකා ආර්ථිකය: අභියෝග හා විසඳුම්’ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

විදෙස් ණය ගෙවීමද ස්ථාවර වී ඇති බවත් ණය ගෙවා දැමීමේ කිසිදු අපහසුතාවයක් නොමැති බවත් කබ්රාල් මහතා පවසනවා. 2021 වසර ආරම්භය වනවිට අප සතුව පැවති සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 05 පමණක් වූ නමුත් වසර අවසන් වනවිට බිලියන 06 ක ණය වාරික පියවීමට සමත් වූ බවත් ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බීමතින් රිය පදවන අයට නීති දැඩි වෙයි. කරමුලටම හිර කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත්...

අඩුම පන්දු ගණනකින් තීරණය විසදුණ ටෙස්ට් තරග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: අවශ්‍යයතා ඇති අයට ත්‍යාග...

ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ” කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: අද (29) දින උදෑසන...

සංචාරකයින් පැමිණීමේ ඉතිහාස ගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින්...