රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW:
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට මූලික වශයෙන් යෝජනා කර ඇත.
ජාතික පද්ධති ක්‍රියාකරු විසින් මෙම වැඩිවීම 2.88%ක් ලෙස ඉල්ලා තිබුණද, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයකින් පසු එම අගය මෙම මට්ටමට පහත හෙළා තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා මහජන උපදේශනයක් හෙට (05) දින පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සාකච්ඡාව සඳහා තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට විශේෂ දුරකථන අංකයක් හරහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා දී තිබේ.


