රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW:
ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙන අතර, දැනට මෙයට අදාළව පෙත්සම් 26ක් ගොනු කර ඇත.
යෝජිත පනතේ ඇතැම් නීති මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන්, අදාළ ප්‍රතිපාදන සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සමඟ ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම නීතිමය අභියෝගය ඉදිරිපත් කරනු ලැබ තිබේ.


