රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW:
තවත් ගෑස් තොගයක් ඊයේ(03) ශ්‍රී ලංකාවට පැමිණි බවත්, අලුතින් පැමිණි එම තොග බෙදා හැරීම අද(04) දිනයේ ආරම්භ කිරීමට නියමිත බවත් ලිට්රෝ ගෑස් (Litro Gas) සමාගම නිවේදනය කළේය.
නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 40,000ක ගෑස් ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා පිහිටි සියලුම ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත එම සැපයුම් ලැබෙනු ඇති බවත් ලිට්රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, නොවැම්බර් මාසය තුළ ගෑස් තොග තුනක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම නිවේදනය කළේය.
මෙම ගෑස් තොග නොවැම්බර් 12–14, නොවැම්බර් 15–17 සහ නොවැම්බර් 24–25 යන කාලසීමාවන් තුළ හම්බන්තොට සහ කොළඹ වරායන් වෙත පැමිණීමට නියමිතය.


