ලෝක මෙනින්ජයිටිස් දිනයට සමඟාමීව අප කවුරුත් දැනසිටිය යුතු කරුණු කිහිපයක්!

Date:

ඉකුත් ඔක්තෝබර් 05 වන දින ලෝක මෙනින්ජයිටිස් (Meningitis) දිනය පැවතිණි. ලෝකයේ බොහෝ රෝගයන් , රෝග කාරකයන් සහ වෛරසයන්ව්‍යාප්තව ඇති සමයක අපට ඉතා හුරු පුරුදු නොවන නමක් වන මෙනින්ජයිටිස් (Meningitis) නම් අභ්‍යන්තර රෝගය ගැන මෙහිදී කතා කළ යුතුම වේ.


“මෙනින්ජයිටිස් (Meningitis )” යනු?

මෙනින්ජයිටිස් ගැන සරලව හැඳින්වීමක් කළහොත් අපගේ මොළය වටා ඇති පටලයන් යම් ආසාත්මිකතාවයකට ලක්වීම මෙහිදී සිදුවේ.
එය පුළුල් ව විස්තර කිරීමේ දී අපගේ මොළයට බාහිරින්, කපාලයට ඇතුළතින් පිහිටි පටලයන්ගේ ආසාත්මිකතාවයක් ඇතිවීම ලෙස හඳුනා ගත හැක.

“මෙනින්ජයිටිස් (Meningitis)” හි රෝග ලක්ෂණ?


* උණ
* බෙල්ලේ වේදනාව
* ආලෝකයට අධිසංවේදී වීම
* වමනය
* සන්ධි වේදනාව
* කුඩා බිබිලි මතුවීම
* හිසේ වේදනාව
ආදී තවත් රෝග ලක්ෂණ රාශියක් මෙහිදී දැකගත හැකිවනු ඇත.

රෝගයට ප්‍රතිකාර ;

බොහෝවිට ප්‍රතිකාර තීරණය වන්නේ මෙනින්ජයිටිස් සඳහා හේතුවන රෝග කාරකය මත ය. උදාහරණයක් ලෙස එය බැක්ටීරියා, වෛරස, ක්ෂය රෝගයටඅදාළ ක්ෂුද්‍රජීවින් මගින් ඇතිවන අතර බැක්ටීරියා මෙනින්ජයිටිස් (Bacterial meningitis) තත්තවයකදී ඒ ඒ බැක්ටීරියාව අනුවත් සමහර ප්‍රතිකාර වෙනස්වේ. මෙය විශේෂයෙන් කුඩා දරුවන්ට ඇතිවන මොලේ උණ තත්ත්ව වලදි දක්නට පුළුවන.

එන්නත් කිරීම මගින් බොහෝ මෙනින්ජයිටිස් ආකාර අවම කර ගන්නට හැකි වේ.

මෙනින්ජයිටිස් සඳහා ඇති එන්නත් (Vaccines for Meningitis);
Meningitis B
6 in 1
Pneumococcal
MMR
Meningitis ACWY
Hib/MenC


මෙනින්ජයිටිස් යනු සෑම වසරකම නව රෝගීන් මිලියන 2.5 ක් සමඟ ලොව 6 වන විශාලතම බෝවන රෝගය ලෙස ප්‍රකාශ කර ඇති රෝගයකි.

එය ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට බලපෑම් කළ හැකි රෝගයක් වන අතර පැය කිහිපයක් ඇතුළත මාරාන්තික වී ජීවිත කාලය පුරාම ආබාධිත වියහැකිය.


නිපුනි ලියනගේ_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...