හැරී පොටර් හි ආදරණීය පතාක මිතුරා හැග්රිඩ් දැයෙන් සමුගනී!

Date:

ලොව බාල මහළු කා අතරත් එක සේ ජනප්‍රිය හැරී පොටර් කතාමාලාවේ චිත්‍රපට මාලාවේ රුබියස් හැග්‍රිඩ් ගේ චරිතයට පණ පෙවූ ආදරණීය රංගන ශිල්පී රොබී කෝල්ට්‍රන් අභාවයට පත්ව තිබේ.

1950 වර්ෂයේ මාර්තු 30 වන දින උපත ලද මොහු 2022 වර්ෂයේ ඔක්තෝබර් 14 (අද) වන දින දැයෙන් සමු ගත්තේ ඔහුගේ 72 විය පසු කරමිනි.

වෘත්තීමය වශයෙන් ඔහු ස්කොට්ලන්ත නළුවෙක්, විකට නළුවෙක් මෙන්ම ලේඛකයෙක් විය. ඔහු හැරී පොටර්(Harry Potter) චිත්‍රපට මාලාවේ (2001-2011) රුබියස් හැග්රිඩ් (Rubeus Hagrid) චරිතයට අමතරව රොබී කෝල්ට්‍රන් මහතා රහස් පරීක්ෂක ටෙලිනාට්‍ය මාලාවක් වන ක්‍රැකර් සහ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වල ගෝල්ඩෙනි සහ ද වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් යන චිත්‍රපටයට ද රංගනයෙන් දායක වී ඇත.

කෙසේ වෙතත් මොහුව ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූයේ “හැග්රිඩ්”යන නමින් ය.

කෝල්ට්‍රන් මහතා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ නියෝජිත බෙලින්ඩා රයිට් ස්කොට්ලන්තයේ ෆාල්කර්ක් අසල රෝහලකදී ඔහු මිය ගිය බවට තහවුරු කර තිබේ.

කෝල්ට්‍රන් ගේ හදිසි අභාවය හමුවේ ලොව දසත හැරී පොටර් රසිකයන් සිය බලවත් ශෝකය පළකර තිබේ. හැරී පොටර් කතාමාලාවේ නිර්මාතෘ ජේ.කේ රෝලිං සිය ශෝකය ප්‍රකාශ කර තිබුණේ පහත පරිද්දෙනි.

මෙම කණගාටුදායක අවස්ථාව සමඟ එක් වූ (Forth Valley Royal) රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය කියා සිටියේ මෙම දුක්ඛිත අවස්ථාවේ දී ඔහුගේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස යි.

අපිට වගේම හැරී පොටර් ට පමණක් නොව හර්මයිනි ට රොන් ට ද හැග්රිඩ් ගේ අඩුව අඩුවක් නැතිවම දැනෙනවා නිසැකය. හැරීගේ උපන්දිනයට කේක් එකක් දෙන්න , සත්තු එක්ක ආදරේ කරන්න , සත්තු හීලෑ කරන්න , තට්ට තනියම අර ගෙදරට වෙලා කාලෙ ගෙවන්න කෙනෙක් දැන් නැත.

ඉතින් “හැග්රිඩ්” ඔබට සුභ ගමන් මිත්‍රයා!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...