කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් – විපක්ෂ නායක සජිත්

තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වන මනෝ ගනේෂන්, දයාසිරි ජ⁣යසේකර, මුජිබර් රහුමාන් සහ චානක මාදුගොඩ යන මන්ත්‍රීවරුන් විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බවත් එයට හේතුව වූයේ කතානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරා එය අනුගමනය කරන බවට පොරොන්දු වන බවත් මේ උත්තරීතර නීතියේ ත්‍රීපාර්ශ්වීය රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන අතර සංවරණ හා තුලන ඇති බවත් ව්‍යවස්ථාදායකයේ ඇති සංවරණ හා තුලනයක් වන්නේ විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම බවත් මේ යෝජනාව විපක්ෂයට ඉදිරිපත් කිරීමේ අයිතිය සේම එහි අන්තර්ගතය තීරණය කරන්නේද විපක්ෂය බවත් අන්තර්ගත කරුණුවලට ආණ්ඩු පක්ෂයට බාධා කරන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ස්ථාවර නියෝග 29 (1), (2) අනුව වරප්‍රසාද කඩ වී ඇති බවත් මෙය න්‍යාය පුස්තකලයට ඇතුළත් වූ පසු පක්ෂ නායක රැස්වීමේ දී ඒ කරුණු කාරණා වෙනස් කරන්න යැයි කියන බවත් වෙනස් කළොත් අවස්ථාව දෙන්නම් යැයි පැවසීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් මෙය විධායකය ව්‍යවස්ථාදායකය යටපත් කිරීමක් බවත් මෙය නැවත සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...

ගොල්ගොතාව අබියස

පච්ච ගෑ ක්‍රිස්තු විත් හිටියාත්‍රස්ත පනතට එරෙහි සටනේපුස් නොකෑ...