මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු ශූරී මේසන් ග්‍රීන්වුඩ් ට ලිංගික අපයෝජන චෝදනා!

Date:

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester United) පාපන්දු ක්‍රීඩක මේසන් ග්‍රීන්වුඩ් හට ලිංගික අපයෝජනය, වින්දිතයා පාලනය කිරීමට තැත්කිරීම සහ පහර දීම යනාදී චෝදනා ගොනුවී ඇති බව එරට රාජකීය අභිචෝදක සේවාව (Crown Prosecution Service) ප්‍රකාශ කරයි.

ග්‍රීන්වුඩ් ට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා එකම පැමිණිල්ල ඔස්සේ ගොනුවන බව ද එම සේවාවේ අභිචෝදකයෝ පවසති.

21 හැවිරිදි ග්‍රීන්වුඩ් එළඹෙන ඔක්තෝබර් 17 වන දින මැන්චෙස්ටර් හි ඉහළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද බ්‍රිතාන්‍ය රාජකීය නඩු පැවරීමේ සේවාව වැඩිදුරටත් අනාවරණය කළේය.

ග්‍රීන්වුඩ් ඉකුත් 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පැවති යූඊඑෆ්ඒ යුරෝපා ලීග් (UEFA Europa League) තරඟයේදී ඇස්ටානා (Astana) පාපන්දු කණ්ඩායමට එරෙහිව තරඟ වැදී ජය ලබා ගත් අතර, වයස අවුරුදු 17 දී යුරෝපීය තරඟයකදී මෙලෙස ජයග්‍රහණය කළ ලාබාලතම පාපන්දු ගෝල ලාභියා බවට පත්විය.

ඔහු ඉකුත් ජනවාරි මස කාන්තාවක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සහ ඈට ප්‍රචණ්ඩත්වය දියත් කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට පත්වූ අතර, ඉන් දින කිහිපයකට පසුව ලිංගික අපයෝජන සහ මරණ තර්ජන සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිදුවීමෙන් පසුව, ග්‍රීන්වුඩ් ට ඔහුගේ පාපන්දු සමාජය හෝ ජාතික කණ්ඩායම සමඟ පුහුණු වීම් අත්හිටුවන ලදී.

එලෙස අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ග්‍රීන්වුඩ් ඇප මත නිදහස් කිරීම සිදුවූයේ ඉකුත් පෙබරවාරි මස වන අතර, ඔහුට එල්ල වී ඇති චෝදනාවලට අදාළව විමර්ශන දියත් වන අතරතුර ග්‍රීන්වුඩ් ට පැනවූ පැනවූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ඔහු ඊයේ (14) දින නැවත අත්අඩංගුවට පත්විය.

ජැමෙයිකානු සම්භවයක් ඇති ඉංග්‍රීසි ජාතික ග්‍රීන්වුඩ්ගේ සම්පූර්ණ නම මේසන් විල් ජෝන් ග්‍රීන්වුඩ් ය.

ඡායාරූප: ගෙටී ඉමේජස්

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...