එක්නැළිගොඩ නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නැයි නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් – අධිකරණය ගත් තීරණය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව ඊයේ (06) සහ පෙරේදා (05) යන දෙදින තුළත් කොළඹ විජේරාම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වූ අතර එහිදී විනිසුරු මඩුල්ල විසින් විශේෂ නියෝගයක් නිකුත් කළේය.

මෙම නඩුවට අදාළව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) උප වගන්තිය යටතේ විත්ති වාචකය නොමැතිව නඩුවට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

ඒ අනුව විනිසුරු මඩුල්ල විසින් එම අවස්ථාව විත්තියේ නීතිඥවරු වෙත ලබා දෙන ලදී.

මෙහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සිය වාචික දේශනා ඉදිරිපත් කරමින් පැවසුවේ මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොණු කර තිබෙන අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බවත් එහෙයින් විත්ති වාචක නොකැඳවා විත්තිකරුවන් 09 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවයි.

අනතුරුව එම සියලු වාචික දේශනා අවසානයේ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශ කරන ලදී.

එහිදී නිවිසුරු මඩුල්ල නියෝග කළේ මෙම නඩුවට අදාළව විත්තිවාචක කැඳවිය යුතු බවත් ඒ අනුව සියලුම විත්තිකරුවන්ට නඩුවට ඇති අයිතිවාසිකම පරිදි විත්ති කූඩුවට නැග තමන්ගේ වාචික ප්‍රකාශ ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි. එමෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් පරිදි විත්ති කූඩුවේදී කිසිම ප්‍රකාශයක් නොදී නිශ්ශබ්දව සිටීමට හැකි බවද විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

අනතුරුව මෙම නඩුවේ විත්තිවාචක කැඳවීම සඳහා එළඹෙන 12 සහ 13 යන දෙදින යළි නඩුව කැඳවන බවට නියෝග කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා...

‘කයිවාරු මුතු’ට පැය 72ක රැඳවුම් නියෝගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු...

ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත...